දත් කැක්කුම

Reviewed by Dr Matheesha N Jayarathne (MBBS), on 12.07.2026

දරුවන්ට සහ වැඩිහිටියන්ට ඇතිවීමට වඩාත්ම පොදු හේතුව වන්නේ දත් දිරායාමයි. අප ගන්නා ආහාරවල අඩංගු සීනි සහ පිෂ්ඨය මත මුඛය තුළ ජීවත්වන බැක්ටීරියා වර්ධනය වේ. මෙම බැක්ටීරියා මඟින් දත් මතුපිට ඇලෙන සුළු මැලියම් පටලයක් (plaque) සාදනු ලබයි. මෙම මැලියම්වල සිටින බැක්ටීරියා මඟින් නිපදවන අම්ලවලට දතෙහි පිටතින් ඇති ශක්තිමත් සුදු පැහැති එනමල් (enamel) ස්ථරය දිය කර හැරිය හැක. මේ නිසා දතෙහි කුහරයක් (cavity) හෙවත් දත් දිරායාමක් සිදු වේ.

රෝග ලක්ෂණ

ලක්ෂණ පැණි රස, ඉතා සිසිල් හෝ ඉතා උණුසුම් ආහාර ගන්නා විට දතෙහි වේදනාවක් හෝ සංවේදීතාවක් ඇතිවීම.

දතෙහි දුඹුරු හෝ සුදු පැහැති ලප ඇතිවීම.

හේතු සාධක

හේතු දත් අතර හිඩැස් පවතින විට ආහාර කැබලි රැඳීම හෝ දත් මැලියම් තැන්පත් වීම.දත් මුල හෝ විදුරුමස් ආශ්‍රිතව ඇතිවන ඉදිමීම් සහ ආසාදන.දතට සිදු වන අනතුරු හෝ නින්දෙන් දත් හැපීම (grinding) වැනි දේ නිසා දත්වලට සිදුවන හානි.දතක් හෝ දත් මුලක් හදිසියේම ඉරිතැලීම හෝ කැබැල්ලක් කැඩී යාම.කාලයත් සමඟ දතක හෝ දත් පිරවුමක (filling) ඇතිවන පැලීම්.කුඩා දරුවන්ට අලුතින් දත් මතු වීම (තේරීම).ප්‍රඥා දත් (ඥාන දත්) විදුරුමස තුළ සිරවීම හෝ නිසි පරිදි වර්ධනය වීමට ඉඩක් නොමැති වීම (Impacted wisdom teeth).සයිනස් ආසාදන (Sinus infection) නිසා දත්වලට දැනෙන වේදනාව.කිරීටක ධමනි රෝග වල ලක්ෂණයක් විය හැක

ප්‍රතිකාරය

දත් කැක්කුමක් සඳහා බොහෝ විට දන්ත වෛද්‍යවරයෙකු ලවා සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

ස්ව-රැකවරණ

මුඛය මද උණුසුම් වතුරෙන් සෝදා හැරීම.දත් අතර රැඳී ඇති ආහාර කැබලි හෝ මැලියම් ඉවත් කිරීමට ඩෙන්ටල් ෆ්ලොස් (dental floss) නූල් භාවිත කිරීම.වේදනාව තාවකාලිකව අඩු කර ගැනීම සඳහා වෛද්‍ය නිර්දේශයකින් තොරව ෆාමසියකින් ලබාගත හැකි වේදනා නාශකයක් හෙවත් OTC Drug භාවිත කිරීම අනතුරක් හේතුවෙන් දත් කැක්කුම ඇති වූයේ නම්, කම්මුලෙන් පිටතින් අයිස් තැබීම (cold compress).

⚠️ අනතුරු ලකුණු — වහාම රෝහලට

• දිනක් හෝ දෙකකට වඩා පවතින දැඩි වේදනාව.

•  උණ

• ​ආසාදන ලක්ෂණ ඇතිවීම (උදාහරණ: ඉදිමීම, ආහාර හපන විට ඇතිවන වේදනාව, විදුරුමස් රතු වීම හෝ මුඛයෙන් නරක රසක්/සැරව වැනි දියරයක් පිටවීම).

🩺 වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කවදාද?

ඔබට දත් කැක්කුමක් සමඟ ඉහත සඳහන් කළ අනතුරු ලකුණු පවතී නම් වහාම දන්ත වෛද්‍යවරයෙකු හෝ වෙනත් වෛද්‍යවරයෙකු හමුවන්න. එමෙන්ම, ඔබට හුස්ම ගැනීමේ හෝ කෙළ/ආහාර ගිලීමේ අපහසුතාවයක් ඇත්නම්, වහාම රෝහලක හදිසි අනතුරු අංශය (Emergency Department) වෙත යන්න

Reviewed by: Dr Matheesha N Jayarathne, (MBBS), Teaching Hospital Kurunegala
Last updated: 2026-07-12


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *